Posts

Showing posts from August, 2023

විශ්වවිද්‍යාලයෙන් පැන්නූ "විශ්වවිද්‍යාලය"

 විශ්වවිද්‍යාලවලින් පැන්නූ "විශ්වවිද්‍යාල" ------------------------------------------------------------------- විශ්වවිද්‍යාලය යනු විශ්වයේ ඇති සකලවිධ දැනුම ගවේෂණය කරන හා ඒ තුලින් නව දැනුම නිෂ්පාදනය කරන විශිෂ්ට ආයතනයකි. මෙම ක්‍රියාවලියේ ඇති විශේෂත්වය නම් එය විද්‍යාර්ථීන් හා ආචාර්යවරුන් යන දෙපාර්ශවය ම එක්ව සිදු කිරීමයි. එසේ නැතිව ගුරුවරයා ශිෂ්‍යයාට ඉගැන්වීමත්, ශිෂ්‍යයා ගුරුවරයාගෙන් ඉගෙන ගැනීමත් යන ක්‍රියාවලියට පමණක් විශ්වවිද්‍යාලය ලඝු කළ යුතු නොවේ. විශ්වවිද්‍යාලය විසින් තැනිය යුත්තේ ගුරුවරයා අභිබවා යන ශිෂ්‍යයින් ය; තමා අභිබවා යා හැකි ශිෂ්‍යයින් බිහි කරන ගුරුවරුන් ය. යම් ශාස්ත්‍රීය ශික්ෂණයක් අභිවෘද්ධියට පත් වනුයේ එවිට ය.  විශ්වවිද්‍යාලය යන විශිෂ්ට ආයතනය පිළිබඳ පරමාදර්ශය එය වුවද මින් බරපතළ ලෙස අපගමනය වූ තැන් ද නැත්තේ නොවේ. තමාට අභියෝග කළ හැකි පෞරුෂයක් ගොඩනැගෙනු දැකීමට බිය වූ මහා අධිරාජ්‍යයන් තමාගේ සේනාධිනායකයන්ගේ පුරුෂ ලිංග කප්පාදු කළා සේ තම ශිෂ්‍යයන්ට බරපතල සැහැසිකම් කරන ගුරුවරු ද විශ්වවිද්‍යාල තුළ සිටි. දැනුම ගවේෂණය හා නව දැනුම නිෂ්පාදනය කෙසේ වෙතත් නොයෙකුත් තක්කඩිකම් කර, පන්ද...

කිමද උන් මා දෙස නො ලැග්ගේ

 "සලා සිකි පිල් මලග ලැග්ගේ සඳ ද අත් ගල් තෙලෙහි ලැග්ගේ මහද තුළ මන් යොන ද ලැග්ගේ කිමෙක උන් මාදෙස නොලැග්ගේ" ඉහත කවිය මා උපුටා ගත්තේ "එළු සඳැස් ලකුණ" නම් ග්‍රන්ථයෙනි. දහතුන්වන සියවසේ දී පමණ රචනා වූ මෙම ග්‍රන්ථය ‍"භද්‍ර " නම් හිමි නමකගේ කෘතියක් ලෙස සැලකේ. එය කාව්‍යකරණය සඳහා අවැසි විරිත් ශාස්ත්‍රය පිළිබඳ ලියවුනු මාර්ගෝපදේශය කි. නමුත් මෙම කවිය එළු සඳැස් ලකුණ කළ භද්‍ර හිමියන්ගේ නිර්මාණයක් නම් නොවේ. උන්වහන්සේ එය උපුටා දක්වනුයේ " කනීල්" නැමති විරිතට නිදර්ශනයක් වශයෙනි. එසේ නම් මෙම කවිය දහතුන්වන සියවසේ හෝ ඊට පෙර නිර්මාණය වූ කවියක් විය යුතු ය. මේ පිළිබඳව අදහස් දක්වන ප්‍රවීණ ගත්කතුවර ගුණදාස අමරසේකරයෝ මෙය එවකට පැවති ජන කවියක් විය හැකි බව පවසති. ඇතැම් විට මෙය මහාවිහාරිකයන් ගේ ද්වේශයේ ගින්නෙන් අළු වී ගිය අභයගිරිවාසී වියතෙකුගේ ග්‍රන්ථයක තිබූ කවියක් වීමට ද පුළුවන.  ජනකවියක් වුව ද ජනවහරේ ආභාසය ලැබූ වියත් කවියෙකුගේ නිර්මාණයක් වුව ද මෙය නිර්මාණාත්මක ගුණයෙන් පිරිපුන් ධ්වනීපූර්ණ කවියක් බව නම් පැහැදිලි ය. කිසියම් වියෝගී අත්දැකීමක් හෘදයසංවාදී ලෙස සංවේදනය කරන්නකි එය. ...

මගේ පෙම්වතියෝ

 මගේ පෙම්වතියෝ ----------------------------------- මට බොහෝ පෙම්වතියෝ සිටියෝ හ. ඉන් බොහෝ දෙනා තවමත් මගේ පෙම්වතියෝ හ. මා දැඩි ලෙස ආලය කළ ඇතැම් පෙම්වතියන් මා ළඟට ගැනීමට නොහැකි වූයේ මට වත්කමක් නොවූ නිසා ය. නමුත් ඔවුන් ආශ්‍රය කළ සුළු මොහොතවල් පවා සදානුස්මරණීය විය. තව තවත් පෙම්වතියන් ඇසුරු කිරීමටත් ඔවුන් මා ළඟට ගැනීමටත් මා බලවත් උවමනාවෙන් පසුවෙමි. තවත් පෙම්වතියන් රාශියක් පිළිබඳ සිත් ඇතිව මම ජීවත් වෙමි. ඔවුන් හා හාද වීම සහ මරණයට මොහොතකට පෙර හෝ ඔවුන් මා ළඟට ගැනීම මගේ ජීවන අරමුණුවලින් එකකි. මෙහි ඇති විශේෂත්වය නම් වඩ වඩාත් පෙම්වතියන් ඇසුරු කිරීම හා ඔවුන් සමඟ ආත්මීයව බැඳීම එම සම්බන්ධතා තව තවත් ශක්තිමත් කිරීමට හේතුවීමයි; එක පෙම්වතියක සමග ගැඹුරු සම්බන්ධයක් ගොඩ නගා ගැනීම තවත් පෙම්වතියක් සමග එවැනි ම ගැඹුරු සම්බන්ධයක් ඇතිකර ගැනීමට පහසුවක් වීමයි. මගේ බිරිඳ ද මගේ බොහෝ ප්‍රේම සම්බන්ධතා ගැන දන්නා නමුත් ඇය කිසි විටෙක එම සම්බන්ධතාවලට එරෙහි වූ බවක් මට මතක නැත. ඉඳහිට එවැනි ප්‍රේම සම්බන්ධතාවයකට ඇය උපකාර කළ අවස්ථා ද විය. පාසල් වියේ දී ඇතිකරගත් ප්‍රේම සම්බන්ධතාවලට මගේ දෙමව්පියෝ එරෙහි වූ අවස්ථා ද ඉඳහිට තිබු...

තිසා වැව උස්සා සීගිරිය ෆ්ලැට් කිරීම

 තිසාවැව උස්සා සීගිරිය ෆ්ලැට් කිරීම -------------------------------------------------------------- ඒ 1999 වසර යි. එවකට මම සරසවියේ පළමු වසර සිසුවෙක් මි. එකල මගේ දින චර්යාව අනුව ඉරිදා දිනය ගතවූයේ මහනුවර මුල්ගම්පළ ඇම්.ජී.පී කලායතනයේ ය. කලායතනයේ කටයුතු අවසන් වී සවස හතරට පහට පමණ නැවත පොල්ගොල්ලේ පිහිටි ශිෂ්‍ය නේවාසිකාගාරයට එන අතර සිනමාපටයක්, නාට්‍යයක්, සංගීත ප්‍රසංගයක්, ප්‍රසිද්ධ සමිමන්ත්‍රණයක් වැනි දෙයක් නැරඹීමට මම පුරුදු වී සිටියෙමි. තරමක් හෝ සාමකාමී සමයක් වූ එකල ඉරිදා දිනයේ හැන්දෑවේ එවන් විශේෂ කිසිවක් මහනුවර නගරයේ නොවූයේ ඉතා කලාතුරකිනි.  එදින ද හවස පහට පමණ කලායතනය අවසන් වී මම පේරාදෙණිය-මහනුවර බසයකින් මුල්ගම්පළ සිට මහනුවර නගරයට පැමිණියෙමි. මහනුවර නගරයේ බස් නැවතුම අසලින් බසයෙන් බැස විපරම් කර බැලූව ද එදින නැරඹීමට තරම් විශේෂ කිසිවක් නොවී ය. ඒ වන විට චිත්‍රපට ශාලාවල තිබූ චිත්‍රපට ද නරඹා අවසන් කර තිබුණි. අපේක්ෂාභංගත්වයට පත්වූ මම නැවත පොල්ගොල්ලේ පිහිටි ශිෂ්‍ය නේවාසිකාගාරයට යාමට මහනුවර-වත්තේගම බසයකට ගොඩ වී මි. බසය කටුගස්තොට පාලම සමීපයට එන විට ම මා අහම්බෙන් දුටුවේ කටුගස්තොට ශාන්ත අන්තෝන...

සයිමන් නවගත්තේගම නම් උමතු ප්‍රඥාවෙන් යුතු මුනිවරයා

 සයිමන් නවගත්තේගම නම් උමතු ප්‍රඥාවෙන් යුතු මුනිවරයා ------------------------------------------------------------- ඔහු බේබද්දෙකි; සල්ලාලයෙකි; සෙල්ලක්කාරයෙකි; නාස්තිකාරයෙකි; නො නවතින දුම් බොන්නෙකි; බරක් පතලක් නැත්තෙකි; වන්නියේ බයියෙකි; ගංජාකාරයෙකි; තැනක් නො තැනක් පිළිවෙලක් නැත්තෙකි; කටකමසිරියාවක් නැත්තෙකි; ජාතියක් ජම්මයක් ආගමක් ගැන හැඟීමක් නැත්තෙකි; දේශපාලනික පාවාදෙන්නෙකි, කිසිදු සංගිරිස්කෘතියක් නැත්තෙකි. සයිමන් නවගත්තේගම නම් මිනිසා දෙස සාමාන්‍ය පෘථග්ජන ඇසින් බලන ඕනෑම කෙනෙකුට ඇති වනුයේ එවැනි හැඟීමකි. නමුත් ජීවිතය නම් වන්දනා ගමනේ නොයෙකුත් සිද්ධස්ථානවල නතර වෙමින් , ඒවා වැදපුදා ගැනීමින් ඔහු ගිය ගමන අසිරිමත් එකකි. වන්නි හත්පත්තුවට අයත් කුමාර වන්නියේ ගන පත කැලෑවත්, කොළඹ ගෙන්දගම් පොළොවේ කොන්ක්‍රීට් කැලෑවත් පීරාගෙන ඒවායේ කුරගානා, බඩගානා, අපා-දෙපා- සිවුපා- බහුපා යන නොයෙකුත් සතා සරුපයින් මුණගැසෙමින්, අටෝරාසියක් අත්විඳීම් විඳගනිමින් ඔහු ආ මඟ සෝමනස්සයන්ගෙන් ද දෝමනස්සයන්ගෙන් ද පිරි සාරවත් එකකි. සයිමන්ගේ විශේෂත්වය නම් මේ මුළුමහත් වන්දනා ගමන ම සකලවිධ මනුෂ්‍ය වර්ගයා කෙරෙහි මතු නොව ගහ කොළ සතා සී...

සයිමන් නවගත්තේගම නම් කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයා

 සයිමන් නවගත්තේගම නම් කාලත්‍රයේ තීර්ථයාත්‍රිකයා ------------------------------------------------------------- යථාර්ථවාදී රීතිය නම් සෙක්කුව වටා කරකැවෙමින් තිබූ සිංහල ප්‍රබන්ධ කතා සාහිත්‍යය ඉන් මුදවා ගත්තෝ කීර්තිශේෂභාවෝපගත සයිමන් නවගත්තේගමයෝ ය. විසිවන සියවසේ මුල් කාර්තුවේ දී පමණ මාර්ටින් වික්‍රමසිංහ විසින් නිල වශයෙන් ආරම්භ කරන ලද යථාර්ථවාදී සාහිත්‍යය සම්ප්‍රදාය එදිවීර සරච්චන්ද්‍ර, ජී.බී. සේනානායක, ගුණදාස අමරසේකර, කේ. ජයතිලක ආදීන් අඛණ්ඩව රැගෙන ගිය නමුත් විසිවන සියවසේ අවසන් කාර්තුවට එළඹෙන විට එය කිසියම් ඝනීභූත තත්ත්වයකට පත්වෙමින් තිබුණි. එවන් ඓතිහාසික මොහොතක "සංසාරාරන්‍යයේ දඩයක්කාරයා" (1981) නම් අසිරිමත් නවකතාව රචනා කරමින් සිංහල ප්‍රබන්ධ කතා කලාවට නව මාවතක් විවර කළෝ සයිමන් නවගත්තේගමයෝ ය. ඔහුට ම ආවේණික වූ නව අධියථාර්ථවාදී රීතියක් සකසාගත් සයිමන් නවගත්තේගමයෝ සංසාරණයේ දඩයක්කාරයා, දඩයක්කාරයාගේ කතාව, සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා, සංසාරාරණ්‍ය අසබඩ, සාපේක්ෂනී, ක්ෂීර සාගරය කැළඹිණ, ස්වර්ණවන්නියේ වල්ලි අම්මලා, වානරයා ආදී විශිෂ්ට නවකතා මාලාවක් එම රීතිය අනුව නිර්මාණය කළහ. මෙම නිර්මාණ සිංහල සාහ...

ආලෝක වර්ෂ ගණනාවක් ඉදිරියෙන් සිටි සයිමන් නවත්තේගම

 ආලෝක වර්ෂ ගණනාවක් ඉදිරියෙන් සිටි සයිමන් නවගත්තේගම ------------------------------------------------------------------ මා සරසවියට ඇතුළු වූයේ 1998 වසරේ අගෝස්තු මාසයේ ය. ඒ 1996 වසරේ අගෝස්තුවල උසස් පෙළ විභාගයට පෙනී සිට වසර දෙකකට පසුව ය. ඒ වසර දෙක මා ගෙවා දැමුවේ සංගීතයෙන් හා පොත පත කියවීමෙනි. වැඩිපුර කල්ලි කණ්ඩායම්වලට මා නොගියත් කිසිවිටෙක පාළුවක් නො දැනුණේ මාගේ මේ විනෝදාංශ දෙක නිසා ය. මා සරසවියට යන විට වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර, අමරසේකර, ජයතිලක, සේකර ආදීන්ගේ සෑම පොතක් ම වාගේ කියවා තිබුණි. සයිමන් නවගත්තේගමගේ ද ඒ වන විට ලියා තිබුණ සෑම පොතක් ම වාගේ කියවා තිබුණි.  සරසවියේ මා හැදෑරූ පාඨමාලාව ඉගැන්වූයේ ඉංගිරිසි මාධ්‍යයෙනි. එනිසා පාඨමාලාව ආරම්භ වීමට පෙර මාස හයක කඩිනම් ඉංගිරිසි පාඨමාලාවක් අපට තිබුණි. මෙම කාල සීමාව බොහෝවිට අප නිදහසේ ගත කළ කාලයක් විය. මා එක වරක් කියවා තිබූ නවගත්තේගමගේ සමහර පොත් දෙවන වරට කියැවූයේ මෙම කාලයේ ය. අධියථාර්ථවාදී ශෛලියෙන් නවගත්තේගම රචනා කළ පොත්වල දාර්ශනික පසුබිම සකස් වී තිබුණේ ප්‍රධාන දර්ශනවාද තුනක් මූලික කරගෙන ය. ඒ බෞද්ධ ප්‍රඥා මාර්ගය, ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණවා...