Posts

සිනමායා

 සිනමායා ----------------- මා කිසියම් වැඩකට කොළඹ ගිය විට බොහෝ විට සිදු කරන දෙයක් නම් චිත්‍රපටයක් නැරඹීම ය. ඇතැම් විට එක චිත්‍රපටයක් වෙනුවට දෙකක් ම නරඹන අවස්ථා ද ඇත. මගේ මේ නරක පුරුද්ද නිසා කොළඹ ගිය ප්‍රධාන කාරණය මගහැරුණු අවස්ථා ද නැත්තේ නොවේ. එවත් අකරතැබ්බයන් කොතෙක් සිදුවුව ද නැවත කොළඹ ගියවිට චිත්‍රපටයක් නරඹන්නේ නැතිව සිටීමට තරම් කිසිවිටෙක මම මට අකාරුණික නොවීමි.  බොරැල්ලේ රිට්ස් හා ලිඩෝ සිනමා ශාලා, බම්බලපිටියේ මැජෙස්ටික් සිනමා ශාලා, වැල්ලවත්තේ සැවෝයි හා රොක්සි සිනමා ශාලා එකල මගේ ජීවන නැවතුම්පොළවල් බඳු විය. මේ සිනමා ශාලා හා බැඳුණු සොඳුරු අතීත ස්මරණයන් ද බොහෝ ය. මෙකී සෑම සිනමාශාලාවක ම වාගේ චිත්‍රපට සියයකට වඩා නරඹා ඇති බව නම් මට විශ්වාස ය. ඒ අතර එකම චිත්‍රපටය කිහිප වරක් නැරඹූ අවස්ථා ද බොහෝ ය.  මෑතක ඉදි වූ නවීන සිනමා ශාලා සංකීර්ණ වන PVR, CCC ආදියෙහි ද මා චිත්‍රපට නරඹා ඇත. එම සිනමාශාලා තාක්ෂණය හා පහසුකම් අතින් බොහෝ ඉදිරියෙන් සිටින බව සැබෑ ය. නමුත් මගේ අතීත සැමරුම් කැටි කරගත් පෙර කී සිනමා ශාලාවලින් තරම් යාවජීවකමක් මේ නවීන සිනමාශාලාවලින් මට නො දැනෙයි. එහෙත් තව දශකයක් දෙකක් ගත වන...

දෙසීයක් වසක් ජීවත් වෙමු ද?

 දෙසීයක් වසක් ජීවත් වෙමු ද?  -------------------------------------------------- වසර දෙසීයක් ජීවත් වීමට හැකියාව ඇති මිනිසෙකු මිහිතලය මත සිටී දැයි කියනු උගහට ය. මන්ද වසර දෙසීයක් ජීවත් වූ මිනිසකු පිළිබඳව අපගේ ජීවිත කාලය තුල අප අසා නොමැති හෙයිනි. අවුරුදු එකසිය විස්සක් තිහක් පමණ ජීවත් වූ මිනිසුන් පිළිබඳව තොරතුරු නම් ලෝකයේ විවිධ රටවලින් ඉඳහිට වුව ද අසන්නට ලැබේ. මිනිසෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර හැත්තෑවත් අසූවත් අතර වන මෙම යුගයේ අවුරුදු දෙසීයයක් කෙසේ වෙතත් අවුරුදු සියයක් ඉක්මවා ජීවත් වීම ද සැබැවින් ම ආශ්චර්යයකි. නමුත් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයෝ අවුරුදු දෙසියයක් ජීවත්විය හැකි ආකාරයක් අපට යෝජනා කරති. ඒ අපගේ පන්සිය පනස් ජාතක පොත එක්වරක් කියවීමෙනි. එතුමා පවසන ආකාරයට "දෙසීයක් අවුරුද්දක් ජීවත් වීමෙන් ලැබිය හැකි අත්දැකීමටත් මානව චරිතය පිළිබඳ දැනුමටත් තැන්පත් ණුවනටත් වැඩි අත්දැකීමක්, මානව චරිත දැනුමක් හා තැන්පත් නුවණක් ජාතක පොත උගැන්මෙන් ලැබිය හැකි ය." ජාතක පොත යනු අවුරුදු දස දහස් ගණනක් තිස්සේ මානව ශිෂ්ටාචාරය විසින් අත්පත් කරගන්නා ලද දැනුම හා අත්දැකීම් සමුදායෙන් ඒක දේශයක්...

'සකා' ගේ 'අකා' වැඩ

 'සකා' ගේ 'අකා' වැඩ  —------------------------------------ සකා නම් ශක්‍රයා ය. හේ බෞද්ධ සාහිත්‍යයේ හමුවන ඉතා ජනප්‍රිය චරිතයකි. බෞද්ධ දේව මණ්ඩලයේ ප්‍රධානියා ලෙස සැලකෙන්නේ ඔහු ය. 'සදෙව් ලොවට අධිපති සක් දෙවිඳු' ලෙස බෞද්ධ පොත පතෙහි සඳහන් වනුයේ, ශක්‍රයා දිව්‍යලෝක හයකට අධිපති ව සිටින හෙයිනි. ඒ චාතුර්මහාරාජිකය, තාවතිංසය හෙවත් තව්තිසාව, යාමය, තුසිතය, නිම්මානරතිය, පරනිම්මිත වසවර්තිය යන දිව්‍ය ලෝක හය ය. මෙයින් ශක්‍රයා වැඩි වශයෙන් කාලය ගත කරන්නේ චාතුර්මහාරාජිකයේ හා තව්තිසාවේ ය. එනිසා දෙදෙව්ලොවට අධිපති යන නම ද ශක්‍රයාට භාවිත වෙයි. තව්තිසාවේ පිහිටි ශක්‍ර භවන හඳුන්වන්නේ වෛජන්ත ප්‍රාසාදය කියා ය. දේව සභාවේ මුලසුන හොබවමින් ශක්‍රයා වැඩ සිටින්නේ ගලින් කළ ආසනයක ය. දිව්‍ය ලෝක සැප සම්පත් හිමිවූවත් ඔහුට වාඩිවී සිටීමට නම් සුවපහසු ආසනයක් ලැබී නැතිවා සේ ය. මෙම ගල් ආසනය හඳුන්වන්නේ පාණ්ඩුකම්බල ශෛලාසනය කියා ය. එය අරුම පුදුම ගල් ආසනයකි. ඒ මනුලොවේ සිදුවන යම් යම් දේ නිසා මෙකී ගල් ආසනය විටින් විට වෙඬරු පිඩක් මෙන් හුණු වී යන නිසා ය.  ශක්‍රයා ගමන් බිමන් යන්නේ විජයොත් රථය නම් දිව්‍යමය අස් රියකිනි...

මා විශ්මයට පත් කළ ගී - 5 /II

 මා විශ්මයට පත්කළ ගී - 5 / II ----------------------------------------------------- නොවැලපෙමි, ඔබ යන්න වැලප ඇති පල කිම්ද? ජීවිතේ වැරදුනේ මෙතැන විතරක් නොවේ සූරලා ගෙන යන්න මා හදේ පිපුණු මල් මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකිද? ..... මේ කවි ඛණ්ඩය මා උපුටා ගත්තේ පරාක්‍රම කොඩිතුවක්කුගේ 'පොඩි මල්ලියෙ'(1972) කාව්‍ය සංග්‍රහයෙනි. මෙය ද 71 අරගලයට පසුබිම් වූ සමාජ දේශපාලනික වටපිටාව තුළ තරුණ මානසිකත්වය නිරූපණය කරන කවියකි. කුමාරදාස සපුතන්ත්‍රී, ගේය පද රචනය කළ 'එපා හිරු පායන්න - අදින් පසු මගෙ ලොවට' ගීතය ඇසෙන සෑම විටම මට පරාක්‍රමගේ මේ කවිය ද සිහියට නැඟේ. මෙම කවිය මෙන් ම එම ගේය පද රචනය ද එකම යුගයක ලියවී ඇති බව පෙනේ. ඉන් කුමක් වඩා ප්‍රථමයෙන් ලියැවුනේ දැයි මා නොදනිතත් මෙම නිර්මාණ දෙක ම එකිනෙකින් අන්තර් පෝෂණය වූ බවක් දකිමි. ඇතැම්විට ඒ යුගයේ තිබූ සමාජ ආර්ථික වටපිටාව තුළ, සමාන අදහස් තිබූ තරුණයන් දෙදෙනකු, සමාන අත්විඳීම්වලට මුහුණ දීමෙන් බිහිවූ නිර්මාණ දෙකක් නිසා එසේ වන්නට ඇත.  සපුතන්ත්‍රී ඔහුගේ විප්පයෝගයේ දෝමනස්සය ප්‍රතිනිර්මාණය කරනුයේ ඔහු වෙනුවෙන් ඉර - හඳ - තාරකා ඇතුළු මුළුමහත් පරිසරයටම වැලපෙන්...

මා විශ්මයට පත් කළ ගී - 5

 මා විශ්මයට පත් කළ ගී - 05 --------------------------------------------------- මීට වසර පහකට පමණ පෙර රාජකාරී කටයුත්තක් සඳහා එක්තරා මහාචාර්යවරයකු හමුවීමට මම ජනමාධ්‍ය අමාත්‍යංශයට ගියෙමි. එකල ඔහු එම අමාත්‍යංශයේ කිසියම් කමිටුවක සේවය කළේ ය. මහාචාර්යවරයා මට දුරකතනයෙන් දැනුම් දුන්නේ අමාත්‍යවරයාගේ කාමරයට යාබදව ඇති කාමරයට පැමිණෙන ලෙසයි. ඒ අනුව මම එම ස්ථානයට ගියෙමි. මා යන විට මහාචාර්යවරයා සමග තවත් පුද්ගලයෙක් සිටියේ ය. හේ වැඩිය උස මහත නැති තළෙලු පැහැති අයෙකි. අළු පැහැති අත් දිග කමිසයක් හැඳ වැලමිට තෙක් කමිස අත් දෙක නවාගෙන සිටි ඔහු පැළඳ සිටියේ දුඹුරු පැහැති හම් සෙරෙප්පු දෙකකි. මහාචාර්යවරයා මට ඔහු හඳුන්වා දුනි.  "රවී , අදුරනවද මෙයාව" මම විපිළිසර වීමි. " කුමාරදාස සපුතන්ත්‍රී" ඒ කුඩා මිනිසා මා සමග අව්‍යාජ ලෙස සිනාසුනි. සිනාසෙන විට දීප්තිමත්වන කුඩා ඇස් ඔහුගේ නිර්ව්‍යාජකම ගැන කියාපාන කැඩපත් බඳු ය.  කුමාරදාස සපුතන්ත්‍රි නම් විශිෂ්ට ගේය පද රචකයා ඔහුගේ නිර්මාණ හරහා මා හඳුනා ගෙන සිටිය ද මෙවන් ස්ථානයකදි ඔහු ඇත්තටම හමුවේ යැයි මම කිසිවිටක බලාපොරොත්තු නොවීමි. කාර්යාල කාර්ය සහයකවරයෙකුට කතාකොට...

විශ්වවිද්‍යාලයෙන් පැන්නූ "විශ්වවිද්‍යාලය"

 විශ්වවිද්‍යාලවලින් පැන්නූ "විශ්වවිද්‍යාල" ------------------------------------------------------------------- විශ්වවිද්‍යාලය යනු විශ්වයේ ඇති සකලවිධ දැනුම ගවේෂණය කරන හා ඒ තුලින් නව දැනුම නිෂ්පාදනය කරන විශිෂ්ට ආයතනයකි. මෙම ක්‍රියාවලියේ ඇති විශේෂත්වය නම් එය විද්‍යාර්ථීන් හා ආචාර්යවරුන් යන දෙපාර්ශවය ම එක්ව සිදු කිරීමයි. එසේ නැතිව ගුරුවරයා ශිෂ්‍යයාට ඉගැන්වීමත්, ශිෂ්‍යයා ගුරුවරයාගෙන් ඉගෙන ගැනීමත් යන ක්‍රියාවලියට පමණක් විශ්වවිද්‍යාලය ලඝු කළ යුතු නොවේ. විශ්වවිද්‍යාලය විසින් තැනිය යුත්තේ ගුරුවරයා අභිබවා යන ශිෂ්‍යයින් ය; තමා අභිබවා යා හැකි ශිෂ්‍යයින් බිහි කරන ගුරුවරුන් ය. යම් ශාස්ත්‍රීය ශික්ෂණයක් අභිවෘද්ධියට පත් වනුයේ එවිට ය.  විශ්වවිද්‍යාලය යන විශිෂ්ට ආයතනය පිළිබඳ පරමාදර්ශය එය වුවද මින් බරපතළ ලෙස අපගමනය වූ තැන් ද නැත්තේ නොවේ. තමාට අභියෝග කළ හැකි පෞරුෂයක් ගොඩනැගෙනු දැකීමට බිය වූ මහා අධිරාජ්‍යයන් තමාගේ සේනාධිනායකයන්ගේ පුරුෂ ලිංග කප්පාදු කළා සේ තම ශිෂ්‍යයන්ට බරපතල සැහැසිකම් කරන ගුරුවරු ද විශ්වවිද්‍යාල තුළ සිටි. දැනුම ගවේෂණය හා නව දැනුම නිෂ්පාදනය කෙසේ වෙතත් නොයෙකුත් තක්කඩිකම් කර, පන්ද...

කිමද උන් මා දෙස නො ලැග්ගේ

 "සලා සිකි පිල් මලග ලැග්ගේ සඳ ද අත් ගල් තෙලෙහි ලැග්ගේ මහද තුළ මන් යොන ද ලැග්ගේ කිමෙක උන් මාදෙස නොලැග්ගේ" ඉහත කවිය මා උපුටා ගත්තේ "එළු සඳැස් ලකුණ" නම් ග්‍රන්ථයෙනි. දහතුන්වන සියවසේ දී පමණ රචනා වූ මෙම ග්‍රන්ථය ‍"භද්‍ර " නම් හිමි නමකගේ කෘතියක් ලෙස සැලකේ. එය කාව්‍යකරණය සඳහා අවැසි විරිත් ශාස්ත්‍රය පිළිබඳ ලියවුනු මාර්ගෝපදේශය කි. නමුත් මෙම කවිය එළු සඳැස් ලකුණ කළ භද්‍ර හිමියන්ගේ නිර්මාණයක් නම් නොවේ. උන්වහන්සේ එය උපුටා දක්වනුයේ " කනීල්" නැමති විරිතට නිදර්ශනයක් වශයෙනි. එසේ නම් මෙම කවිය දහතුන්වන සියවසේ හෝ ඊට පෙර නිර්මාණය වූ කවියක් විය යුතු ය. මේ පිළිබඳව අදහස් දක්වන ප්‍රවීණ ගත්කතුවර ගුණදාස අමරසේකරයෝ මෙය එවකට පැවති ජන කවියක් විය හැකි බව පවසති. ඇතැම් විට මෙය මහාවිහාරිකයන් ගේ ද්වේශයේ ගින්නෙන් අළු වී ගිය අභයගිරිවාසී වියතෙකුගේ ග්‍රන්ථයක තිබූ කවියක් වීමට ද පුළුවන.  ජනකවියක් වුව ද ජනවහරේ ආභාසය ලැබූ වියත් කවියෙකුගේ නිර්මාණයක් වුව ද මෙය නිර්මාණාත්මක ගුණයෙන් පිරිපුන් ධ්වනීපූර්ණ කවියක් බව නම් පැහැදිලි ය. කිසියම් වියෝගී අත්දැකීමක් හෘදයසංවාදී ලෙස සංවේදනය කරන්නකි එය. ...